සෙනසුරාදා, 06 ජූලි 2024 15:29

වසර 14කට පසු බ්‍රිතා­න්‍ය­යට කම්කරු ආණ්ඩු­වක් Featured

නව අග­මැති ලෙස කීර් ස්ටාමර් දිව්රුම් දෙයි

බ්‍රිතාන්‍ය පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යෙන් අති­වි­ශිෂ්ට ජයක් අත්කර ගත් බ්‍රිතා­න්‍යයේ කම්කරු පක්ෂ­යට වසර 14කට පසු පළ­මු­ව­රට එරට රජ­යක් පිහි­ටු­වී­මට අව­ස්ථාව ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රජ­යක් පිහි­ටු­වී­මට බ්‍රිතාන්‍ය පාර්ලි­මේ­න්තුවේ ආසන 326ක් ජය­ගත යුතුව තිබූ අතර, පෙරේදා පැවැති මැති­ව­ර­ණ­යෙන් කම්කරු පක්ෂය ආසන 412ක ජය තහ­වුරු කර­ගෙන ඇත. හිටපු අග­මැති රිෂී සුනාක්ගේ කන්ස­ර්වේව් පක්ෂ­යට ලැබී ඇත්තේ ආසන 121ක් පම­ණක් බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

2010 වස­රේදී අග­මැ­ති­ව­රයා ලෙස පත්වූ ඩේවිඩ් කැම­රොන්ගේ සිට මේ දක්වා අග­මැ­ති­ව­රුන් පස්දෙ­නකු බිහි­කළ කන්ස­ර්වේ­ටිව් පක්ෂ­යට මෙවර රාජ්‍ය බලය අහිමි වී ඇත. කම්කරු පක්ෂය නියෝ­ජ­නය කර­මින් අව­සන් වරට එරට අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කරනු ලැබුවේ ගෝර්ඩ්න් බ්‍රවුන් විසිනි.

ඩවු­නින් වීදියේ අංක 10 අග­මැති නිල නිවස ඉදි­රි­පිට සිට ඊයේ නව අග­මැ­ති­ව­රයා ලෙස කම්කරු පක්ෂයේ නායක 61 හැවි­රිදි කීර් ස්ටාමර් ජාතිය ඇමතූ අතර, ඊට පෙර රිෂී සුනාක් චාල්ස් රජු මුණ ගැසී නිල වශ­යෙන් අග­මැ­ති­ධු­ර­යෙන් ඉවත් වූ අතර, පරා­ජයේ වග­කීම භාර ගෙන ජන­තාව හමුවේ ස්තූති කතාව සිදු කළ රිෂී සුනාක් ඩවු­නින් වීදි­යෙන් නික්ම ගිය බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

වසර 2020 සිට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නාය­ක­ත්වය දරන කීර් ස්ටාමර් හිටපු විපක්ෂ නාය­ක­යාද වන අතර, එරට කීර්ති­මත් නීති උපා­ධි­ධා­රි­යෙකි.

DM

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website