සෙනසුරාදා, 13 ජූලි 2024 10:33

බස් රථ දෙකක් නේපා­ලයේ ගඟ­කට වැටී 63ක් අතු­රු­දන් Featured

අධික වර්ෂාව හේතු­වෙන් සිදුවූ විශාල නායයෑම­කින් බස් රථ දෙකක් නේපා­ලයේ ගඟ­කට වැටී­මෙන් පුද්ග­ල­යන් 63 දෙනකු අතු­රු­දන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම අන­තුර සිදුවී ඇත්තේ ඊයේ අලු­යම 3.30ට පමණ කත්මණ්ඩු නුව­රට කිලෝ­මී­ටර් 100ක පමණ දුරින් පිහිටි නාරා­ය­න්ගාට් – මුග්ලින් අධි­වේගී මාර්ග­යේදී බවත්, අතු­රු­දන් වූ පුද්ග­ල­යන් සොයා දැවැන්ත මෙහෙ­යු­මක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. එම අන­තු­රින් දිවි බේරා­ගෙන ඇත්තේ පුද්ග­ල­යන් තිදෙ­නකු පම­ණක් බව ද වාර්තා වේ. ඔවුන් දිවි බේරා­ගෙන ඇත්තේ එම බස් රථ ගඟට වැටී­මෙන් පසු ඉන් පිට­තට පැමිණ පිහිනා ගොඩ බිමට සේන්දු ­වී­මට සම­ත් වීම හේතු­වෙනි. අන­තුර සම්බ­න්ධව පොලි­සි­යට දැනුම් දී ඇත්තේ ද එසේ දිවි බේරා­ගත් පුද්ග­ල­යන් බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. අධික වර්ෂාව නායයෑමට හේතුව බව නේපාල බල­ධා­රීන් ප්‍රකාශ කර තිබේ.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website