මුහුදට වැටුණු සංක්‍රමණිකයන් සොයා පෙරේදා රාත්‍රිය පුරා ප්‍රංශ නාවික හමුදාවට අයත් බෝට්ටු කිහිපයක්ම මෙහෙයුම් සිදු කර ඇතැයි ද, ඒ අනුව පුද්ගලයන් 63 දෙනකු බේරාගැනීමට හැකිවී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඉන් 49 දෙනකු ප්‍රංශ වෙරළාරක්ෂක බළකාය විසින් බේරාගනු ලැබූ බවත්, තවත් පුද්ගලයන් 14 දෙනකු ධීවර බෝට්ටුවකින් බේරාගත් බවත් වාර්තා වේ. මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු සොයා ගැනීමට ප්‍රංශ වෙරළාරක්ෂක කණ්ඩායම් සමත් වී තිබේ.
අනවසර සංක්‍රමණිකයන් ඉංග්‍රීසි ඕඩය තරණය කිරීම බහුල සිදුවීමක් වන අතර, බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ලේඛනවලට අනුව පසුගිය සඳුදා සහ අඟහරුවාදා පමණක් සංක්‍රමණිකයන් 484 දෙනකු ඉංග්‍රීසි ඕඩය තරණය කර ඇත.
DN