සෙනසුරාදා, 27 ජූලි 2024 14:51

ගයිමි සුළි­කු­ණා­ටු­වෙන් අන­තු­රට පත් භාණ්ඩ නෞකාවේ කාර්ය මණ්ඩ­ල­යෙන් 4ක් දිවි ගලවා ගනී Featured

අතු­රු­දන්වූ තවත් සිව්දෙ­නකු සොයා තායි­වාන වෙර­ළා­ර­ක්ෂක බළ­කා­යෙන් මෙහෙ­යුම්

පිලි­පී­න­යට, තායි­වා­න­යට හා චීන­යට බලපෑ ගයිමි සුළි කුණා­ටු­වෙන් දකුණු චීන මුහු­දේදී අන­තු­රට ලක්වූ භාණ්ඩ නෞකාවේ සිටි අතු­රු­දන් වූ මිය­න්මාර ජාති­ක­ය­න්ගෙන් සම­න්විත කාර්ය මණ්ඩ­ලයේ 9 දෙනා­ගෙන් සිව්දෙ­නකු බේරා ගැනී­මට හැකි වූ බව තායි­වාන වෙර­ළා­ර­ක්ෂක බළ­කාය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. නෞකාවේ කපි­තා­න්ව­ර­යාගේ මළ­සි­රුර ඊට පැය කිහි­ප­ය­කට පසු සොයා­ගෙන ඇති අතර, අතු­රු­දන්වූ සෙසු පුද්ග­ල­යන් සිව්දෙනා සොයා මෙහෙ­යුම් අඛ­ණ්ඩව සිදු­ක­රන බව ද තායි­වාන වෙර­ළා­ර­ක්ෂක බළ­කාය වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර තිබේ.

ටැන්සා­නියා ධජය සහි­තව යාත්‍රා කර­මින් තිබූ ෆූ ෂුන් නමැති එම භාණ්ඩ නෞකාව ගයිමි සුළිකුණා­ටු­වට හසුවී අන­තු­රට ලක්වී­මෙන් පසු එහි සිටි කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන් ජීවි­තා­ර­ක්ෂක කබා පැලඳ මුහු­දට පැන ජීවිත රැක ගැනී­මට උත්සාහ කළ බව ඊයේ තායි­වාන වෙර­ළා­ර­ක්ෂක බළ­කාය විසින් මුදා ගනු ලැබූ පිරිස සඳ­හන් කර තිබේ.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website