සිකුරාදා, 26 ජූලි 2024 11:56

පලස්තීන හිතවාදීන්ගේ විරෝධතා මැද ඊශ්‍රායල අගමැති අමෙරිකානු කොන්ග්‍රසය අමතයි Featured

අපේ සතුරන් ඔබේ ද සතුරන් බව කියමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ අමෙරිකානු කොන්ග්‍රසය අමතා ආකර්ෂණීය කතාවක් සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් මීළඟ ජනපති සටනින් ඉවත් වන බව ප්‍රකාශ කිරීමේ උණුසුම මැද පෙරේදා අමෙරිකාවේ සංචාරයක් ආරම්භ කළ ඊශ්‍රායල අගමැතිවරයා අමෙරිකානු කොන්ග්‍රසය ඇමතූ අවස්ථාවේදී පලස්තීන හිතවාදීන් අතිවිශාල පිරිසක් ඉන් පිටත ගාසා යුද්ධයට එරෙහිවත්, ඊශ්‍රායලයට එරෙහිවත් විරෝධතාවක නිරත වූ බව ද වාර්තා වේ. ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සටන් කරද්දී එය අමෙරිකාවේ සතුරකුට එරෙහිව කළ සටනක් ද වූ බව කී බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලයේ ජයග්‍රහණය අමෙරිකාවේ ද ජයග්‍රහණයක් බව කොන්ග්‍රසය අමතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එබැවින් අමෙරිකාවේ ද සතුරකු වන හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය විසින් සිදු කරනු ලබන යුද ගැටුම් එම සංවිධානය මුලිනුපුටා දමන තුරු අවසන් නොවනු ඇතැයි ඊශ්‍රායල අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.ngngfhf322423

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website