ඉරිදා, 28 ජූලි 2024 09:29

ලොව බලවත්ම මත්ද්‍රව්‍ය රජු ඇමෙරිකාවේදී අත්අඩංගුවට Featured

ලොව බලවත්ම මත්ද්‍රව්‍ය රජු සේ සැළැකෙන මෙක්සිකෝවේ ‘සිනලෝවා’ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ නායක ඉස්මයිල් එල් මායෝ සම්බාඩා ගාසියා හා ඔහුගේ කලින් මත්ද්‍රව්‍ය හවුල්කරුවකුගේ පුත්‍රයා වූ ජොයක්වින් එල් චැපෝ ගුස්මන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ දී අත්අඩංගුවට ගැනීමට

ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් පෙරේදා (25දා) පියවර ගෙන තිබේ. පුද්ගලික ගුවන් යානයකින් ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ ප්‍රදේශයට ගොඩබැස ඇති අවස්ථාවේදී එම දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් අනාවරණය කර නොමැත.

අත්අඩංගුවට ගෙන ඇති මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය රජෙකු ලෙස හැඳින්වෙන වයස අවුරුදු 70 ඉක්මවූ සම්බාඩා දශක ගණනාවක් මුළුල්ලේ ආරක්ෂක අංශවල ග්‍රහණයට හසු නොවී කට්ටි පනිමින් සිට ඇති අතර මේ හේතුවෙන් ඔහු අත්අඩංගුවට පත් වීම මෙක්සිකෝව තුළ දැඩි කම්පනයක් ඇති කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඇමෙරිකානු ආරක්ෂක අංශ හා අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මාස ගණනාවක් මුළුල්ලේ සිදු කළ මෙහෙයුමක ප්‍රතිපලයක් වශයෙන් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට අවශ්‍යව සිටි අයකු වූ සම්බාඩා සම්බන්ධයෙන් තොරතුරු සපයන අයකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ත්‍යාගයක් පිරිනමන බව, ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් කලින් නිවේදනය කර තිබිණි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website