ඉරිදා, 28 ජූලි 2024 09:32

ඔලිම්පික් තරගාවලිය ඇරඹීමට පෙර ප්‍රංශ දුම්රිය මාර්ග ගිනි තබයි Featured

26දා ප්‍රංශයේ පැරිස් අගනුවරදී ඇරඹීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය ඇරඹීමට පැය කිහිපයකට පෙර ප්‍රංශයේ අධිවේගී දුමිරිය මාර්ග ගණනාවක කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් සිදු කළ ගිනි තැබීම් මාලාවක් හේතුවෙන් දුමිරිය ගමන් වර රැසක් ප්‍රමාද වී ඇති බව ප්‍රංශ බලධාරීහු පවසා තිබේ.

දුම්රිය මාර්ග ගිනි ගැනීම හේතුවෙන් ප්‍රංශයේ දුමිරිය මගීන් අට ලක්ෂයක් පමණ දෙනා ඊයේ දිනයේ දැඩි අසීරුතාවයකට පත්ව සිටි බව වාර්තා වේ. ප්‍රංශයේ එස් එන් සී එෆ් දුමිරිය සේවයට අනුව, අදාළ ගිනි තැබීම් සිදු කර ඇත්තේ ප්‍රංශයේ දුම්රිය සේවා ජාලය අඩපණ කිරීමේ අරමුණිනි. යුරෝස්ටාර් දුම්රිය සේවාව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ දුම්රිය මාර්ගවලට ගිනි තැබීම හේතුවෙන් ප්‍රංශයේ දිගු ගමන් දුම්රිය සේවාවන් සති අන්තයේද, අඩපණ වනු ඇති බවත් ඇතැන් සට දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදු වන බවයි. දුම්රිය මාර්ග ගිනි තැබූ පුද්ගලයන් හඳුනාගෙන නොමැති අතර මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව ප්‍රංශයේ ප්‍රවාහන ඇමැතිවරයා පවසා තිබේ. ගිනි නිවන හමුදා භටයන් අදාළ ගිනි නිවීමේ කටයුතුවල නිරතව සිටින බව ඊයේ සවස වාර්තා වී තිබිණි.

 DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website