සදුදා, 29 ජූලි 2024 08:49

ෂාරුක් ඛාන්ගේ රුව ප්‍රංශයේ ග්‍රෙවින් කෞතුකාගාරයේ රන් කාසියකට Featured

මහත්මා ගාන්ධිගෙන් පසු එවැනි ගෞරවයක් ලැබූ දෙවැනි ඉන්දියානුවා

විවිධ ක්ෂේත්‍රවලින් ජීවිත සාර්ථක කරගත් ලෝක ප්‍රකට පුද්ගලයන්ට උපහාර කිරීම සඳහා නම් දැරූ ප්‍රංශයේ සුප්‍රකට ග්‍රෙවින් ඉටි රූප කෞතුකාගාරය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් වෙනුවෙන් විශේෂිත රන් කාසියක් නිර්මාණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වනවිටත් එම කෞතුකාගාරයේ ඔහුගේ ජීවමාන ප්‍රමාණයේ ඉටි රුවක් ද ස්ථාපිත කර ඇති අතර, එවැනි ගෞරවයක් ලැබූ දෙවැනි ඉන්දීය ජාතිකයා ෂාරුක් බව වැඩිදුරටත් වාර්තා වේ. මීට පෙර එම කෞතුකාගාරයේ එවැනි විශේෂිත රන් කාසියකින් උපහාර ලබා ඇත්තේ මහත්මා ගාන්ධි පමණක් බවත්, බොලිවුඩ් සිනමා නළුවකු එවැනි උපහාරයක් ලැබූ පළමු අවස්ථාව මෙය බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. මේ විශිෂ්ට නළුවාගේ ඉටිරූප මීට පෙර අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, චෙක් රාජ්‍යය. තායිලන්තය, ඉන්දියාව, සිංගප්පූරුව සහ ඔස්ට්‍රේලියාවේ ද කෞතුකාගාරවල නිර්මාණය කර ඇතැයි ද වාර්තා වේ.

 DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website