අඟහරුවාදා, 30 ජූලි 2024 08:16

ලොව පුරා මිලියන 733ක් කුසගින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි Featured

වසර 2023 දී ලොව පුරා පුද්ගලයන් මිලියන 733ක් කුසගින්නෙන් පීඩාවට පත් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවකින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එය අනාවරණය වී ඇත්තේ ආහාර සුරක්ෂිතතාව සහ ගෝලීය පෝෂණය පිළිබඳ එම සංවිධානය ඇතුළු සංවිධාන 5ක් එක්ව නිකුත් කළ වාර්තාවකින් බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එම සංඛ්‍යාව අනුව ගෝලීය වශයෙන් පුද්ගලයන් 11 දෙනකුගෙන් එක් අයකු සහ අප්‍රිකාවේ පස් දෙනකුගෙන් එක් අයකු කුසගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව හෙළි වී ඇතැයි ද වාර්තා වේ.

වසර 2030 වන විට තිරසර සංවර්ධන ඉලක්කය ලෙස කුසගින්න ශූන්‍ය කරගැනීමේ අරමුණින් විවිධ වැඩමුළු, සාකච්ඡා හා රැස්වීම් පවත්වමින් සිටින කාලයක ඒ පිළිබඳ අවධානය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවට එය නිදසුනක් බවත් එම වාර්තා වේ සඳහන් වී තිබේ.

ගෝලීය සාගිනි මට්ටම අඛණ්ඩව වසර තුනක් පුරා මෙවැනි ඉරණමකට ලක්වී ඇතැයි ද, පසුගිය වසරේදී පමණක් ලොව පුරා මිලියන 713- 757 අතර සංඛ්‍යාවක් මන්දපෝෂණයට ගොදුරු වී ඇතැයි ද එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website