අඟහරුවාදා, 30 ජූලි 2024 08:18

බංග්ලාදේශ විරෝධතා පිටුපස විදේශීය බුද්ධි බලවේග Featured

-මැදපෙරදිග මාධ්‍ය කියයි

බංග්ලාදේශයේ සරසවි සිසුන් විසින් සිදු කරනු ලැබූ විරෝධතා ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස විදෙස් රටවල බුද්ධි අංශය සිටිය හැකි බවට ‘ටයිම්ස් ඔෆ් ඕමාන‘ පුවත් සේවය වාර්තා කළේය. සතියකට වැඩි කාලයක් පුරා පැවැති එම විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ජීවිත 200කට අධික ප්‍රමාණයක් අහිමි වූ අතර, දේපළ රැසක් ද විනාශ වූ බව වාර්තා වේ.

රජයේ රැකියා කෝටාව මුල් කරමින් සාමකාමී ලෙස ආරම්භ වූ සරසවි ශිෂ්‍ය විරෝධතාව පසුව ප්‍රචණ්ඩ මුහුණුවරකට හැරීමත්, විපක්ෂය ඇතුළු කණ්ඩායම් රැසක් සිසුන්ට සහාය පළ කිරීමත් හේතුවෙන් එය දේශපාලන ගැටුමක් දක්වා ඇදීයෑමත් අගමැතිනි ෂෙයික් හසීනාගේ රජයට එරෙහිව දියත් වූ දේශපාලන කුමන්ත්‍රණයක් විය හැකි බව ද ටයිම්ස් ඔෆ් ඕමාන පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

පාකිස්තාන බුද්ධි අංශයේ සහාය ලැබෙන බව කියන බංග්ලාදේශයේ ජමාටි ඉස්ලාමි සංවිධානය සරසවි සිසුන්ගේ විරෝධතාව පසුපස සිටි ප්‍රධානතම බලවේගය වූ බවද ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත් සේවය සඳහන් කළේය. බංග්ලාදේශ අගමැතිනිය ෂෙයික් හසීනා බලයේ සිටි වසර 15 ඇතුළත මුහුණ දුන් විශාලතම අර්බුදය එය වූ බව අමෙරිකාවේ ටයිම්ස් සඟරාව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website