බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2024 09:31

එංගලන්තයේ පිහි ප්‍රහාරයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරෙයි ඉස්ලාම් දේවස්ථානයකට ප්‍රහාරයක් Featured

-පොලිස් නිලධාරීහු 39ක් රෝහලේ

වයඹදිග එංගලන්තයේ සවුත්පෝර්ට් ප්‍රදේශයේදී 17 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයකු පසුගියදා යෝගා හා නර්තන ඇකඩමියකට කඩා පැන පිහි ඇනුමකින් දරුවන් තිදෙනකු ඝාතනය කර තවත් දරුවන් අටදෙනකුට බරපතළ තුවාල සිදු කිරීමෙන් කෝපයට පත් නගර වැසියන් ඉස්ලාම් දේවස්ථානයකට ගල් ගසා විනාශ කර ඇතැයි ද පොදු දේපළවලට ගිනි තබමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 39 දෙනකු රෝහල්ගත කිරීමට සිදුවී ඇතැයි ද වාර්තා වේ.

මේ වන විට සවුත්පෝර්ට් ප්‍රදේශයට 24 පැය පුරා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති අතර, කිසිදු පුද්ගලයකුට නිවෙසින් බැහැර යෑම තහනම් කර ඇතැයි ද වාර්තා වේ.

පිහි ඇනුම් ප්‍රහාරයෙන් දින දෙකකට පසු නගරවාසීන් පිරිසක් එම ප්‍රදේශයේ පිහිටි ඉස්ලාම් දේවස්ථානයකට සහ එහි රථගාලේ නවතා තිබූ මෝටර් රථවලට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර, අනතුරුව එය මැඬ පැවැත්වීමට පැමිණි පොලිස් නිලධාරීන්ට ද පහර දී ඇතැයි වාර්තා වේ. අනතුරුව කලහකාරී ලෙස හැසිරුණු එම පිරිස පොලිස් වෑන් රථයකට ද ගිනි තබා පොලිස් සුනඛයන්ට ද පහර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website