සිකුරාදා, 02 අගෝස්තු 2024 10:12

කේරළ ප්‍රාන්තයේ නාය යෑමෙන් මියගිය ගණන 194ට නඟී Featured

තවත් 187ක් ආගිය අතක් නෑ

ඉන්දි­යාවේ කේරළ ප්‍රාන්තයේ පසු­ගි­යදා සිදු වූ නාය යෑමෙන් මිය ගිය පුද්ග­ල­යන්ගේ සංඛ්‍යාව 194 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අධික වර්ෂාව හේතු­වෙන් නාය ගිය කේරළ ප්‍රාන්තයේ වය­නාඩ් දිස්ත්‍රි­ක්කයේ කඳු­කර පළා­ත­කින් මේ මළ සිරුරු සොයා­ගෙන ඇති අතර, අතු­රු­දන් වූ තවත් පුද්ග­ල­යන් 187 දෙනකු සොයා අඛ­ණ්ඩව මෙහෙ­යුම් ක්‍රියා­ත්මක වන බව ද වාර්තා වේ. නාය යෑමෙන් දින කිහි­ප­යක් ගතවී ඇති බැවින් අතු­රු­ද­න්වූ­වන් පිළි­බඳ බලා­පො­රොත්තු බිඳ වැටී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඊයේ දින­යේ­දිත් එම පළා­තට අධික වර්ෂා­වක් පතිත වී ඇති අතර, මෙහෙ­යුම් කට­යුතු දුෂ්කර වී ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳ­හන් කළේය. වය­නාඩ් දිස්ත්‍රි­ක්කයේ සිට ගලා බසින චාලි­යර් ගංගාවේ කිලෝ­මී­ටර් 30ක පමණ දුරින් ඊයේ තවත් මළ සිරුරු 40ක් හමුවී තිබේ. නාය යෑමෙන් තුවාල ලැබූ පුද්ග­ල­යන් 186 දෙනකු රෝහ­ල්ගත කර ඇති අතර, තවත් පුද්ග­ල­යන් 5,500කට අධික පිරි­සක් නිරු­ප­ද්‍රි­තව බේරා ගැනී­මට මෙහෙ­යුම් කණ්ඩා­යම් සමත් වී තිබේ.

 DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website