සිකුරාදා, 02 අගෝස්තු 2024 10:14

හමාස් නාය­ක­යාගේ ඉරාන අව­ම­ඟු­ලට දහස් ගණ­නක සෙනඟක් Featured

ආග­මික වතා­වත් අය­තුල්ලා කමේ­නිගේ ප්‍රධා­න­ත්ව­යෙන්

ඉරා­න­යේදී ගුවන් ප්‍රහා­ර­ය­කින් මිය ගිය හමාස් සංවි­ධා­නයේ දේශ­පා­ලන නායක ඉස්මා­යිල් හනියා වෙනු­වෙන් එරට අධ්‍යා­ත්මික නායක අය­තුල්ලි අලි කමේ­නිගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැත්වූ අව­මං­ගල උත්ස­ව­යට දහස් සංඛ්‍යාත ජන­තාව සහ­භාගි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටෙහෙ­රාන් නුවර ඊයේ පස්ව­රුව වන විටත් පැවැ­ත්වෙ­මින් තිබූ එම අව­මං­ගල උත්ස­ව­යෙන් පසු හමාස් නාය­ක­යාගේ මළ සිරුර භූම­දා­නය කිරීම සඳහා කටාර් රාජ්‍ය­යට රැගෙන යෑමට නිය­මිත බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

සිය භූමිය තුළදී හමාස් නාය­කයා ඝාත­න­යට ලක්වීම සම්බ­න්ධව ඊශ්‍රා­ය­ලය වග­කිව යුතු බවත්. ප්‍රහාර එල්ල කිරී­මට ඉරාන අධ්‍යා­ත්මික නාය­කයා සිය හමු­දා­වට නියෝග කර ඇති බවත් ඉරාන නිල­ධා­රින් උපුටා දක්ව­මින් අමෙ­රි­කානු මාධ්‍ය වාර්තා කර තිබේ.

හමාස් නාය­ක­යාගේ ඝාත­න­යත් සමඟ මැද පෙර­දිග යුධ ගැටුම් ව්‍යාප්ත වීමේ අව­ධා­න­යක් මතු වී ඇතැයි ද, ඉදිරි දින කිහි­පය තීර­ණා­ත්මක වනු ඇතැයි ද ඉරාන අධ්‍යා­ත්මික නාය­කයා ඊශ්‍රා­යල ජන­තා­වට අන­තුරු ඇඟවූ බව වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

 DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website