සෙනසුරාදා, 03 අගෝස්තු 2024 12:34

හමාස් නාය­කයා මිය ගියේ මාස දෙක­කට පෙර ගොඩ­නැ­ඟිල්ලේ සවි කළ බෝම්බ­ය­කින් Featured

අමෙ­රි­කානු මාධ්‍ය කියයි

හමාස් නාය­කයා මිය ගියේ ගුවන් ප්‍රහා­ර­ය­කින් නොව ඔහු නවා­තැන් ගෙන සිටි ගොඩ­නැ­ඟිල්ලේ සවි කර තිබූ බෝම්බ­යක් පිපි­රී­මෙන් බව අමෙ­රි­කාවේ නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. එම බෝම්බය මීට මාස දෙක­කට පෙර එහි සඟවා තිබී ඇතැයි ද, දුරස්ථ පාල­ක­යක් මගින් පුපු­රුවා හැර ඇතැයි ද එම වාර්තාව උපුටා දක්ව­මින් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

ඉරා­නයේ නව ජනා­ධි­පති මසූඩ් පෙසෙ­ෂ්කි­යන්ගේ පදවි ප්‍රාප්ති උත්ස­ව­යට සහ­භාගි වීමට ටෙහෙ­රාන් නුව­රට ගිය හමාස් නාය­කයා උතුරු ටෙහෙ­රා­නයේ ගොඩ­නැ­ඟි­ල්ලක නවා­තැන් ගෙන ඇති අතර, එම ගොඩ­නැ­ඟිල්ල ඉරාන විප්ල­වීය හමු­දාවේ හිටපු නිල­ධා­රින්ගේ නේවා­සි­කා­ගා­ර­යක් බව වාර්තා වේ. එය ඔහු ඉරා­න­යට පැමි­ණෙන බොහෝ අව­ස්ථා­ව­ලදී නවා­තැන් ගන්නා ස්ථානය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බෝම්බය පිපි­රී­මෙන් ගොඩ­නැ­ගිල්ල දරුණු සෙල­වී­ම­කට ලක්වී ඇති අතර, බිත්තියේ කොට­සක් ද, කවුළු කිහි­ප­යක් ද කඩා වැටී ඇතැයි වාර්තා වේ.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website