සෙනසුරාදා, 03 අගෝස්තු 2024 12:38

අමෙ­රි­කාව සහ රුසි­යාව ඇතුළු රට­වල් කිහි­ප­යක ඓති­හා­සික සිර­කරු හුව­මා­රු­වක් Featured

සෝවි­යට් දේශය බිඳ වැටී­මෙන් පසු විශා­ල­තම ගනු­දෙ­නුව

අමෙ­රි­කාව සහ රුසි­යාව ඇතුළු රට­වල් කිහි­ප­යක් අතර වස­ර­කට වැඩි කාල­යක් පුරා සිදුවූ සිර­ක­රු­වන් හුව­මාරු කර­ගැ­නීමේ සාකච්ඡා පෙරේදා සාර්ථික වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව රුසි­යාවේ සිර දඬු­වම් විඳි­මින් සිටි අමෙ­රි­කානු සිර­ක­රු­වන් තිදෙ­නකු ඇතුළු තවත් රට­වල් කිහි­ප­ය­කට අයත් සිර­ක­රු­වන් 16 දෙනකු ද, අමෙ­රි­කාව ඇතුළු තවත් රට­වල් කිහි­ප­යක සිටි රුසි­යානු සිර­ක­රු­වන් දස­දෙ­නකු ද හුව­මාරු කර­ගත් බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඒ අනුව අමෙ­රි­කාව, ජර්ම­නිය, පෝල­න්තය, ස්ලෝවේ­නි­යාව, නෝර්වේ සහ රුසි­යාව රට­වල සිර­ග­තවී සිටි සිර­ක­රු­වන් 26 දෙනකු එම හුව­මා­රු­වට ඇතු­ළත් වී ඇති අතර, එය සිදුවී ඇත්තේ තුර්කියේ අන්කාරා නුව­රදී බව ද වාර්තා වේ.

මේරි­ලෑන්ඩ් ප්‍රාන්තයේ ඇන්ඩෘස් ගුව­න්තො­ටු­පො­ළට සේන්දු වූ අමෙ­රි­කානු සිර­ක­රු­වන් තිදෙනා පිළිගැනීම සඳහා ජනා­ධී­පති ජෝ බයිඩ්න් හා උප ­ජ­නා­ධී­පති කමලා හැරිස් ද පැමිණ සිටි බව වැඩි­දු­ර­ටත් වාර්තා වේ. එම සිර­ක­රු­වන් අතර වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා­ක­රු­වකු, මාධ්‍ය­වේ­දි­නි­යක සහ අමෙ­රි­කානු මැරීන් හමුදා සෙබ­ළකු ද සිටි බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. මේ අතර රුසි­යානු සිර­ක­රු­වන් රැගත් ගුවන් යානය මොස්කව් නුවර ගුව­න්තො­ටු­පො­ළට සේන්දු වූ බවත්, එහිදී රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මිර් පුටින් ඔවුන් පිළි­ගැ­නී­මට ගුව­න්තො­ටු­පො­ළට පැමිණ සිටි බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

 b mnhjkjkh

bvvngjguyuy

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website