සෙනසුරාදා, 10 අගෝස්තු 2024 09:43

බංග්ලා­දේශ අන්ත­ර්වාර රජයේ නාය­කයා ලෙස මහා­චාර්ය යූනුස් දිව්රුම් දෙයි Featured

උප­දේ­ශක මණ්ඩ­ල­යට සර­සවි සිසුන් දෙදෙ­න­කුත් පත් වෙලා

බංග්ලා­දේ­ශයේ අන්ත­ර්වාර රජ­යක් පිහි­ටු­වී­මට ජනා­ධි­පති මොහො­මඩ් ෂහා­බු­ඩීන් පිය­වර ගෙන ඇතැයි ද, පැරිස් නුවර සිට පැමිණි මහා­චාර්ය මොහො­මඩ් යූනුස් එම රජයේ ප්‍රධා­නියා ලෙස ජනා­ධි­ප­ති­ව­රයා ඉදි­රියේ දිව්රුම් දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අන්ත­ර්වාර රජ­යක් පිහි­ටු­වී­මට පෙර ජනා­ධි­ප­ති­ව­රයා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ මතය විමසා ඇති අතර, රටේ වත්මන් තත්ත්වය සැල­කි­ල්ලට ගෙන සත් පුද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මණ්ඩ­ලය ඒ සඳහා අනු­මැ­තිය ලබා දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. දැනට පාර්ලි­මේ­න්තු­වක් නොමැති බැවින් ජනා­ධි­ප­ති­ව­ර­යාට අන්ත­ර්වාර රජ­යක් පිහි­ටු­විය හැකි බව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ මතය වී ඇතැයි ද වාර්තා වේ. මේ අතර අන්ත­ර්වාර රජයේ උප­දේ­ශක මණ්ඩ­ල­යට පළ­මු­ව­රට සර­සවි සිසුන් දෙදෙ­නකු ද නම් කර ඇති අතර, පසු­ගිය ශිෂ්‍ය විරෝ­ධ­තා­වට නාය­ක­ත්වය දුන් සිසුන් දෙදෙ­නකු ඒ සඳහා දිව්රුම් දී ඇතැයි ද වාර්තා වේ. සර­සවි සිසුන්ට අමා­ත්‍යාංශ තුළ අධී­ක්ෂණ කට­යුතු සිදු කිරී­මට හැකි­වන පරිදි ඉදි­රි­යේදී තවත් සිසුන් කිහි­ප­දෙ­නකු සහ­කාර උප­දේ­ශ­ක­යන් ලෙස හෝ ඒ හා සමාන තන­තු­රු­ව­ලට පත් කරන ලෙස සර­සවි ශිෂ්‍ය ව්‍යාපා­රය ඉල්ලී­මක් ද කර තිබේ. තරුණ නාය­ක­ත්වය කෙරෙහි බංග්ලා­දේ­ශයේ ජන­තාව අඛ­ණ්ඩව විශ්වා­සය තබනු ඇතැයි ද උප­දේ­ශක මණ්ඩ­ල­යට පත්වූ සිසුන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website