සෙනසුරාදා, 10 අගෝස්තු 2024 09:46

බංග්ලා­දේශ විරෝ­ධ­තාව පසු­පස පාකි­ස්තා­නයේ බුද්ධි අංශය Featured

හසී­නාගේ පුත්‍රයා කියයි

බංග්ලා­දේ­ශයේ පැතිරී ගිය ප්‍රචණ්ඩ ක්‍රියා පසු­පස පාකි­ස්තා­නයේ බුද්ධි ඒජ­න්සිය සිටින බවට ධුර­යෙන් ඉවත්වී ඉන්දි­යා­වට ගිය ශෙයික් හසි­නාගේ පුත්‍රයා වන සජීඩ් වසීඩ් ඉන්දි­යාවේ ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා පුවත් සේව­යට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එම පුවත් සේවය සමඟ අමෙ­රි­කාවේ සිට සම්මුඛ සාක­ච්ඡා­ව­කට එක්වෙ­මින් සජීඩ් වසීඩ් මේ ප්‍රකා­ශය සිදු කර ඇති අතර, පාකි­ස්තාන බුද්ධි ඒජ­න්සිය බංග්ලා­දේ­ශයේ ප්‍රචණ්ඩ ක්‍රියා පසු­පස සිටින බවට තහ­වුරු කළ හැකි සාක්ෂි ඇතැයි ද ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

‘ප්‍රචණ්ඩ ක්‍රියා පැති­රීම පිටු­පස ජාත්‍ය­න්තර බල­වේග හා පාකි­ස්තා­නයේ බුද්ධි ඒජ­න්සියේ මැදි­හ­ත්වීම ගැන සාක්ෂි තියෙ­නවා. මොකද මේ ප්‍රච­ණ්ඩ­ක්‍රියා හා ප්‍රහාර එල්ල කිරීම ඉතා සංවි­ධා­නා­ත්මක විදි­හ­ටයි සිද්ධ වුණේ. ඉතා සූක්ෂම විදි­හට සැල­සුම් කර­ලයි තිබුණේ. සමාජ මාධ්‍ය හරහා ජාත්‍ය­න්තර උත්සා­හ­යන් ඇවි­ළෙන ගින්නට පිදුරු දැමී­මක් වගේ වැඩක් සිද්ධ කළේ.‘ ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා පුවත් සේව­යට හසී­නාගේ පුත්‍රයා එසේ ප්‍රකාශ කර තිබේ.

අමෙ­රි­කාවේ පුර­වැ­සි­භා­වය ඇති සජීඩ් වසීඩ් සීඅ­යිඒ ඔත්තු සේවය බංග්ලා­දේශ අර්බු­දය පිටු­පස සිටි බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා පවා ප්‍රති­ක්ෂේප කර නැත. ‘සම­හර විට ඔවුන් ඉන්නත් පුළු­වනි‘ එහෙත් චීනය එවැ­න්න­කට මැදි­හත් වූ බවට පළ වූ වාර්තා නම් ඔහු තර­යේම ප්‍රති­ක්ෂේප කළේය.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website