සදුදා, 12 අගෝස්තු 2024 12:10

ඉම්රාන් නිදහස් කිරීමට පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය රජයට දින දෙයි Featured

-30 වැනිදාට පෙර ඉටු නොකරන්නේ නම් තවත් බංග්ලාදේශයක් වන බවට අනතුරු අඟවයි

මේ වන විට බන්ධනාගාරගතවී සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් මේ මස 30 වැනිදාට පෙර නිදහස් නොකරන්නේ නම් පාකිස්තානය තුළ බංග්ලාදේශයේ මෙන් විරෝධතා සිදු කරන බවට එරට ශිෂ්‍ය සම්මේලනය රජයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තානයේ ශිෂ්‍ය සම්මේලනය එරට රජයට මේ අවසන් නිවේදනය නිකුත් කර ඇත්තේ පසුගියදා බංග්ලාදේශයේ සරසවි සිසුන්ගේ මූලිකත්වයෙන් පැවැති විරෝධතා සාර්ථක වීමෙන් පසුව බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

තම ඉල්ලීම් ඉටු නොවුණහොත් රට පුරා විරෝධතා පැවැත්වෙනු ඇතැයි ද ශිෂ්‍ය සම්මේලනය රජයට දැනුම් දී තිබේ. ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ දැවැන්ත විරෝධතා රැලියක් ද මේ මස අගභාගයේදී රට පුරා පැවැත්වීමට නියමිතව ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website