ඉරිදා, 18 අගෝස්තු 2024 12:12

රුසියාවේ භූමිකම්පාවක් Featured

රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (18) අලුයම භූකම්පනයක් සිදුව තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 7 ක ප්‍රභලත්වයකින් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

මෙම භූ කම්පනයත් සමග අමෙරිකානු ජාතික සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය මගින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද පසුව එය සුනාමි තත්ත්වයක් නොවන බවට දැනුම් දී තිබේ.

 

පැසිපික් සාගරයේ භූ කම්පන ක්‍රියාකාරී තීරයක මෙම භූ කම්පනය හටගෙන ඇති අතර පළමු භූ කම්පනයෙන් පසුව පසු කම්පන කිහිපයක් ද සිදුව තිබේ.

 

මෙම මුහුදු ප්‍රදේශයේ සක්‍රීය ගිනි කඳු කිහිපයක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

DM

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website