ඉරිදා, 18 අගෝස්තු 2024 12:38

දකුණු ලෙබනනයට ගුවන් ප්‍රහාර Featured

ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ලෙබනනයේ නබාටියේ නගරයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 10 දෙනෙක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර දරුවන් දෙදෙනෙක් ද වෙයි. තවත් 5 දෙනෙක් තුවාල ලබා තිබුණි.

මියගිය සියලු දෙනා සිරියානු වැසියන් බව සඳහන් ය.

මේ අතර ඊශ්‍රායල හමුදාව පැවසුවේ හිස්බුල්ලා කණ්ඩායම භාවිත කළ අවි ගබඩාවක් ඉලක්ක කර එම ප්‍රහාරය එල්ලකළ බවයි.

ඊට ප්‍රතිචාර ලෙස උතුරු ඊශ්‍රායලයේ ගම්මානයකට රොකට් ප්‍රහාර 55ක් එල්ලකළ බව හිස්බුල්ලා කණ්ඩායම නිවේදනය කළේය.

ඉන් ඊශ්‍රායල භටයින් දෙදෙනෙක් තුවාල ලබා තිබුණි.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website