සෙනසුරාදා, 24 අගෝස්තු 2024 13:38

සිසිලි දූපතේ මුහු­දු­බත් වූ යාත්‍රා­වෙන් අතු­රු­දන් වූ කෝටි­පති දිය­ණි­යගේ මළ සිරු­රත් සොයා ගනී Featured

ඉතා­ලියේ සිසිලි දූපත ආස­න්න­යේදී ටොනේඩෝ කුණා­ටු­ව­කට හසුවී මුහු­දු­බත් වූ ‘බයේ­සි­යන්’ සුඛෝ­ප­භෝගී සංචා­රක යාත්‍රා­වෙන් අතු­රු­දන් වූ පුද්ග­ල­යන් 6 දෙනා­ගෙන් අව­සන් මළ සිරු­රත් ඊයේ සොයා ගත් බව ඉතාලි වෙර­ළා­ර­ක්ෂක බළ­කාය ප්‍රකාශ කර තිබේ.

එම අන­තු­රින් පුද්ග­ල­යන් බ්‍රිතාන්‍ය ජාතික කෝටි­පති ව්‍යාපා­රික මයික් ලින්ච් ඇතුළු 6 දෙනකු අතු­රු­දන්වී සිටි අතර, මධ්‍ය­ධ­රණී මුහුදේ අඩි 160ක් ගැඹුරු සාගර පතුලේ තැන්පත්වූ යාත්‍රාවේ සුන්බුන් අතර සිර­වුණු මළ­සි­රුරු 5ක් පෙරේදා සොයා ගෙන තිබිණි. ඊයේ සොයා ගනු ලැබූ අව­සන් මළ සිරුර මයික් ලින්ච්ගේ දිය­ණිය වන 18 හැවි­රිදි හනා ලින්ච්ගේ බවත්, ඒ සම­ඟම මෙහෙ­යුම අව­සන් වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පසු­ගිය සඳුඳා අලු­යම 5.00ට පමණ මේ අන­තුරු සිදුවී තිබූ අතර, බයේ­සි­යන් යාත්‍රාවේ සිටි පුද්ග­ල­යන් 22 දෙනකු අතු­රින් කෝටි­පති ව්‍යාපා­රි­ක­යාගේ බිරිය ඇන්ජෙලා ඇතුළු පුද්ග­ල­යන් 15 දෙනකු දිවි ගලවා ගැනී­මට සමත්වූ අතර, අතු­රු­දන් වූ පුද්ග­ල­යන් 7 දෙන­කු­ගෙන් එම යාත්‍රාවේ අර­ක්කැ­මි­යාගේ මළ­සි­රුර එදි­නම පස්ව­රුවේ ගොඩ ගෙන තිබිණි.

දැඩි කුණාටු සහිත කාල­ගුණ තත්ත්ව­යක් ඇති සිසිලි දූපත අවට මුහුදේ අතු­රු­දන්වූ පුද්ග­ල­යන් සෙවීමේ මෙහෙ­යු­ම දින 5කට ආසන්න කාල­යක් පුරා සිදුවූ අතර, කිමි­දු­ම්ක­රු­වන් දුෂ්කර මෙහෙ­යු­මක නිරත වූ බව ඉතා­ලියේ වෙර­ළා­ර­ක්ෂක බළ­කාය වැඩ­දු­ර­ටත් ප්‍රකාශ කර ඇත. මුහු­දු­බත් වූ සුඛෝ­ප­භෝගී යාත්‍රාව ගොඩ ගැනීමේ සැල­සු­මක් නැති බවත් වාර්තා වේ.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website