සෙනසුරාදා, 24 අගෝස්තු 2024 13:41

තායි­ල­න්ත­ය­ටත් වඳුරු උණ Featured

අප්‍රි­කානු මහා­ද්වී­පයේ දරුණු ලෙස ව්‍යාප්ත වූ වඳුරු උණ වසං­ග­තය ආසි­යා­ව­ටත් පැති­රීමේ අව­දා­නම ඉස්මතු කර­මින් තායි­ල­න්ත­යෙන් ආසා­දි­ත­යකු හඳුනා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට බෝවෙන රෝග නිවා­රණ මධ්‍ය­ස්ථා­න­යට අනුව එම රෝගියා 66 හැවි­රිදි යුරෝ­පීය ජාති­ක­යකු වන අතර, ඔහු පසු­ගිය 14 වැනිදා අප්‍රි­කානු රටක සිට බැංකොක් නුව­රට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහුගේ රෝග ලක්ෂණ මතු වී ඇත්තේ ඊළඟ දින­යේ­දීම බවත්, රෝහ­ල්ගත කිරි­මෙන් පසු වඳුරු උණ ආසා­දි­ත­යකු බවට හෙළිවී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website