බ්‍රහස්පතින්දා, 29 අගෝස්තු 2024 13:58

ලොව පුරා තරු­ණි­යන් අන්ත­ර්ජා­ල­යෙන් නිරු­වත් කළ ව්‍යාජ යූටි­යු­බ්ක­රු­වාට ඔස්ට්‍රේ­ලි­යා­වෙන් වසර 17ක සිරදඬු­වම් Featured

අති­ශය ජන­ප්‍රිය තරුණ යූ ටියු­බ්ක­රු­වකු ලෙස පෙනී සිටි­මින් කැම­රාව ඉදි­රියේ ලිංගික ක්‍රියා­කා­ර­කම් සිදු කරන ලෙස ලොව පුරා සිය ගණ­නා­වක තරු­ණි­යන් බිය ගැන්වූ පුද්ග­ල­ය­කුට ඔස්ට්‍රේ­ලි­යානු අධි­ක­ර­ණ­ය­කින් වසර 17ක සිරදඬු­වම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මොහො­මඩ් සෙයි­නුල් ආබ්ඩීන් නමැති 29 හැවි­රිදි මේ පුද්ග­ලයා අමෙ­රි­කාව, බ්‍රිතාන්‍ය, ජපා­නය හා ප්‍රංශය ඇතුළු රට­වල් 20ක කාන්තා­වන් 286 දෙනකු එසේ ‘බ්ලැක්මේල්‘ කිරීම සම්බ­න්ධව චෝදනා 119කට වර­ද­කරු වී ඇති අතර, ඔහුගේ බල­පෑ­ම්ව­ලට හසුවූ තරු­ණි­ය­න්ගෙන් බහු­ත­රය වයස අවු­රුදු 16ට අඩු බව ද හෙළිවී ඇතැයි වාර්තා වේ.

ඔස්ට්‍රේ­ලි­යාවේ පර්ත් නුවර අධි­ක­ර­ණ­යක විභා­ග­යට ගත් එම නඩුව ඔස්ට්‍රේ­ලි­යානු අධි­ක­රණ ඉති­හා­සයේ වඩාත්ම දරුණු ලිංගික හිංසන නඩු­වක් බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

ළමා වියේදී පාකි­ස්තා­නයේ සිට සිය මාපි­යන් සමඟ ඔස්ට්‍රේ­ලි­යා­වට සේන්දු වූ මේ පුද්ග­ලයා ලොව පුරා තරු­ණි­යන් රැසක් සමඟ අන්ත­ර්ජා­ලය ඔස්සේ වීඩියෝ තාක්ෂ­ණය මගින් ලිංගි­ක­ත්වය ඉස්මතු වන ආකා­රයේ සංවා­ද­වල නිර­තව ඇති අතර, පසුව එම සංවාද එම තරු­ණි­යන්ගේ පෙම්ව­තුන්ට හා සමී­ප­ත­ම­යන්ට යවන බවට තර්ජ­නය කර­මින් ඔවුන්ට කැම­රාව ඉදි­රියේ නිරු­වත් වන ලෙසට බල­පෑම් කර ඇතැයි අධි­ක­ර­ණ­යේදී හෙළි වී තිබේ. සිය නිවෙසේ සිටින සුර­තල් සතුන් හා කුඩා දරු­වන් සමඟ කැම­රාව ඉදි­රියේ ලිංගි­කව හැසි­රී­මට ඇතැම් තරු­ණි­යන්ට බල­පෑම් කර ඇතැයි ද අධි­ක­ර­ණ­යේදී වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිරදඬු­ව­මට එරෙ­හිව අධි­ක­ර­ණ­යෙන් සමාව අයැද ඉල්ලු­ම්ප­ත්‍ර­යක් යොමු කිරී­මට ඔහුට අව­ස්ථා­වක් ඇති අතර, එම අව­ස්ථාව ඔහුට ලැබෙන්නේ 2033 අගෝස්තු මාස­යේදී බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

DMN

 

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website