බ්‍රහස්පතින්දා, 29 අගෝස්තු 2024 14:00

පාකි­ස්තා­න­යෙන් ගෙන්වූ බාස්මතී සහල් තොගයේ ජාන විකෘ­ති­යක් Featured

යුරෝපා හවුලේ විද්‍යා­ඥයෝ කියති

පාකි­ස්තා­න­යෙන් ගෙන්වන ලද කාබ­නික බාස්මතී සහල් තොග­යක ජාන­මය වශ­යෙන් වෙනස් කරනු ලැබී­මක් සිදුවී ඇතැයි යුරෝපා හවුලේ විද්‍යා­ඥ­යන් පිරි­සක් අනා­ව­ර­ණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගෝලීය ආහාර සැප­යු­ම්ක­රු­වන් අතර දැඩි අව­ධා­න­යට ලක්වූ මේ හෙළි­ද­රව්ව පාකි­ස්තා­නයේ කෘෂි­කා­ර්මික අංශයේ තත්ත්ව පාලන ක්‍රියා­මාර්ග සම්බ­න්ධව දැඩි ගැට­ලු­වක් මතු කර ඇතැයි ද, ජාත්‍ය­න්තර ආහාර නීති උල්ලං­ඝනය වීමක් එම­ගින් සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. පසු­ගිය ජූලි මස 31 වැනිදා යුරෝපා හවුලේ බල­ධා­රින් නෙද­ර්ල­න්තය හරහා පාකි­ස්තා­න­යෙන් ගෙන්වනු ලැබූ එම කාබ­නික බාස්මතී සහල් තොගයේ සාම්පල පරී­ක්ෂා­වක් සිදු කර ඇති අතර, මේ අනා­ව­ර­ණය සිදු­කර ඇත්තේ ඒ පරී­ක්ෂ­ණ­යෙන් බව වාර්තා වේ. එහි වැඩි­දුර පරී­ක්ෂ­ණය සඳහා අදාළ සාම්පල ජර්ම­නියේ සහ ලක්ස­ම්බර්ග් හි රජයේ රසා­ය­නා­ගාර වෙත යවා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

පාකි­ස්තා­නයේ ආහාර තත්ත්ව සහ­තික පද්ධ­තියේ අස්ථා­ව­ර­භා­වය සහ එහි කෘෂි­කා­ර්මික අප­න­ය­න­ව­ලදී ඇති­විය හැකි ප්‍රති­වි­පාක සම්බ­න්ධව මේ වන විට යුරෝපා හවුලේ දැඩි අව­ධා­නය යොමුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website