ඉරිදා, 15 සැප්තැම්බර් 2024 11:19

ලොව පුරා ඉකුත් වසරේ භූ කම්පන ඇති වීමට හේතුව සොයා ගැනේ Featured

ඉකුත් වසරේ ලොව පුරා රටවලින් දින නවයක කාලයකදී වාර්තා වී තිබූ භූ කම්පනවලට හේතු වී ඇත්තේ උත්තර ධ්‍රැවයේ පිහිටි ග්‍රීන්ලන්තයේ හටගෙන ඇති දැවැන්ත නායයෑමක් බව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් අනාවරණය කරගෙන තිබේ.

මෙම නායයෑම හේතුවෙන් කඩා වැටුණු කන්දක් අයිස් ග්ලැසියරයක් සමග ගසාගෙන යෑමෙන් මීටර් 200ක් උසැති මුහුදු රළක් නිර්මාණය වී ඇති බවද එම විමර්ශනයේදී හෙළි වී තිබේ.

විද්‍යාඥයන්ට අනුව දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිපලයක් වශයෙන් ග්‍රීන්ලන්තය වැනි රටවල ග්ලැසියර හා බද්ධ වී ඇති කඳු කඩා වැටීමෙන් ඉහත සඳහන් ආකාරයේ නායයෑම් නිරතුරුව සිදු වීමේ අවදානමක් පැන නැගී තිබේ.

 DVN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website