අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2024 11:03

බංගලි ඇඟලුම් ආයතන වැසී යෑමෙන් ටකා කෝටි දහසක පාඩුවක් Featured

වැඩි වැටුප්, ප්‍රසාද දීමනා සහ පැමිණීමේ දීමනා ඉහළ දමන ලෙස බල කරමින් සේවක සේවිකාවන් විසින් සිදු කරනු ලැබූ වැඩවර්ජනය විසඳුමකින් තොරව අවසන් වූ බවත්,

ඩකා නුවර ඇතුළු තදාසන්න ප්‍රදේශවල ඇඟලුම් කර්මාන්තශාලා සියල්ල නැවත විවෘත කළ බවත් බංග්ලාදේශයේ කම්කරු හා රැකියා අමාත්‍යාංශයේ උපදේශක අසීෆ් මහ්මූද් ප්‍රකාශ කළ බව ඩකා ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළේය. සියලු කර්මාන්තශාලා නැවත විවෘත කර බංගල ඇත්තේ ආරක්ෂාව සපයන බවට අන්තර්වාර රජය මඟින් සහතික වීමෙන් පසුව බව ද වාර්තා වේ.

සතියකට ආසන්න කාලයක් ඩකා නුවර හා තදාසන්න ප්‍රදේශවල ඇඟලුම් ආයතන සේවක සේවිකාවන් විසින් සිදු කරනු ලැබූ වැඩවර්ජනය හේතුවෙන් කම්කරු පනත යටතේ වැටුප් රහිත නිවාඩු ලබා දීමේ ක්‍රමවේදය භාවිත කරමින් ආයතන සියයකට වැඩි ප්‍රමාණයක් වසා දමා තිබිණි. එම කාලය ඇතුළත පමණක් බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවලට ටකා රුපියල් කෝටි දහසක අධික පාඩුවක් සිදු වී ඇතැයි ද වාර්තා වේ.

කෙසේ වුවද සේවකයන් හා කර්මාන්තශාලා හිමිකරුවන් අතර විශාල දුරස්ථභාවයක් ඇතැයි සඳහන් කර ඇති අමාත්‍යාංශ උපදේශකවරයා එම අඩුපාඩුව මඟ හරවාලීමට කඩිනමින් පියවර ගන්නා බවත් ප්‍රකාශ කර තිබේ.

බංග්ලාදේශයේ කම්කරු හා රැකියා අමාත්‍යාංශයේ උපදේශක අසීෆ් මහ්මූද් පසුගියදා ඩකා නුවර සියලු කර්මාන්තශාලා හිමිකරුවන් සමඟ සාකච්ඡාවකට සහභාගි වී ඇති අතර, එහිදී කර්මාන්ත හිමිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් සේවක නොසන්සුන්තාව උත්සන්න වන්නේ නම් එරට කම්කරු පනත යටතේ ඇති වරප්‍රසාද භාවිත කරමින් සිය කර්මාන්තශාලා නැවත වසා දැමීමට පියවර ගන්නා බවය.

 

DN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website