අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2024 11:06

ලොව පළමු පූර්ණ රොබෝ තාක්ෂණික හදවත් බද්ධ කිරීම සාර්ථකයි Featured

- සවුදි අරාබියේ 16 හැවිරිදි සිසුවා සුවෙන්

වෛද්‍ය විද්‍යාවේ නව පිටුවක් පෙරළමින් සවුදි අරාබියේ රියාද් නුවර කිංග් ෆයිසාල් වි‍ශේෂඥ රෝහලේදී පසුගියදා සිදුකළ පූර්ණ රොබෝ තාක්ෂණික හදවත් බද්ධ කිරීමේ සැත්කම සාර්ථක බවත්, සැත්කමට මුහුණ දුන් 16 හැවිරිදි සිසුවා සුවය ලබමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දරුණු හෘදයාබාධයකින් පීඩා විඳිමින් සිටි එම සිසුවාට මේ සැත්කම සිදු කර ඇත්තේ හදවත අකර්මණ්‍ය වීමේ අවසන් අදියරේ පසුවූ බැවින් ජීවිත අවදානම ද ඉහළ මට්ටමක තිබූ අවස්ථාවකදී බවත් වැඩි දුරටත් වාර්තා වේ. පැය දෙකහමාරක් ගත වූ සැත්කම මුළුමනින්ම රොබෝ තාක්ෂණය ඔස්සේ සිදු කර ඇති අතර, එම කාලය තුළ වෛද්‍ය කණඩායම දැඩි අවධානයෙන් යුතුව සැත්කම අධීක්ෂණය කර තිබේ.

එම සැත්කම සඳහා පාසල් සිසුවා තෝරාගෙන ඇත්තේ සිය හදවත විවෘත කිරීමකින් තොරව සැත්කම සිදු කිරීමට ඔහු විසින් කරනු ලැබූ ඉල්ලීම හේතුවෙන් බවත්, සැත්කමට පෙර දින තුනක් පුරා අඛණ්ඩව 7 වතාවක් ඒ සඳහා පුහුණුවීම්වල නිරතවෙමින් අත්හදාබැලීම් සිදු කළ බවත් සැත්කම සිදු කළ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානි හෘද රෝග ශෛලවෛද්‍ය ආචාර්ය ෆෙරස් කලීල් සඳහන් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

DN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website