බදාදා, 18 සැප්තැම්බර් 2024 13:56

ඩකා නුවර කර්මාන්තශාලා සේවක දෙපිරිසක් අතර ගැටුමක් Featured

-සේවිකාවක් මියයයි තවත් 50කට තුවාල

බංග්ලාදේශයේ ඩකා අගනුවර තදාසන්න ප්‍රදේශයක් වන අෂූලියා හි කර්මාන්තශාලා දෙකක සේවක පිරිස් අතර ගැටුමක් සිදුවී ඇති අතර, එහිදී සේවිකාවක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි බංග්ලාදේශයේ ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කළේය. ගැටුම අතරතුර ඇඟලුම් සේවිකාව මිය ගිය බව එම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති කාර්මික ජනපද පොලිසියේ ප්‍රධානියා තහවුරු කර ඇතැයි ද වාර්තා වේ. එම ගැටුමෙන් තවත් 50 දෙනකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

ගැටුම සිදුවී ඇත්තේ මැස්කොට් සහ රේඩියන්ට් නමැති කර්මාන්තශාලා දෙකක සේවකයන් අතර බවත්, දෙපාර්ශ්වයම ගල්මුල්වලින් පහර දී ඇති බවත් පොලිස් ප්‍රධානියා සඳහන් කර තිබේ. ගැටුමට හේතුව මෙතෙක් තහවුරු වී නැති අතර, ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බවත්, ගැටුම සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කළ බවත් එම ප්‍රදේශයේ කාර්මික ජනපද පොලිසිය ප්‍රකාශ කළ බව ඩේලි ස්ටාර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

 

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website