බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2024 11:19

ශිෂ්‍ය විරෝ­ධතා අත­ර­තුර පලාගිය බංග්ලාදේශයේ රැඳ­වි­යෝ 900ක් තව­මත් නිදැල්ලේ Featured

නම­ගිය අප­රා­ධ­ක­රුවෝ රැසක් ඒ අතර

ශිෂ්‍ය විරෝ­ධතා අත­ර­තුර බන්ධ­නා­ගා­ර­ව­ලින් පලාගිය නම­ගිය අප­රා­ධ­ක­රු­වන් 900ක් පමණ තව­මත් නිදැල්ලේ පසු­වන බව බංග්ලා­දේ­ශයේ මාධ්‍ය වාර්තා කළේය. අප­රාධ නඩු­ව­ලින් මරණ දඬු­වම් සහ ජීවි­තා­න්තය දක්වා සිර දඬු­වම් නියම වී සිටි දරුණු අප­රා­ධ­ක­රු­වන් රැසක් ඒ අතර සිටින බව ද එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ශෙයික් හසීනා අග­මැ­ති­ධු­ර­යෙන් ඉවත්වී රටින් පිට­වී­මෙන් පසු අවාමි ලීග් රජයේ පාල­නය බිඳ වැටෙද්දී එරට බන්ධ­නා­ගාර 17ක ප්‍රච­ණ්ඩ­කාරී සිදු­වීම් ආරම්භ වී තිබූ අතර, එහිදී රැඳ­වි­යන් දෙද­හ­සක් පලාගිය බවත්, ඉන් 1100ක් පමණ නැවත අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකිවූ බවත් බංග්ලා­දේ­ශයේ බන්ධ­නා­ගාර මූල­ස්ථා­නය ප්‍රකාශ කළේය.

අතු­රු­දන්වී සිටින සෙසු සිර­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා හමුදා මෙහෙ­යුම් අඛ­ණ්ඩව ක්‍රියා­ත්මක වුවද මේ වන­වි­ටත් එය සාර්ථක වී නැති බවත් බංග්ලා­දේශ මාධ්‍ය සඳ­හන් කළේය.

vnbgjfghdet

බන්ධ­නා­ගාර තුළ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා අත­ර­තුර එහි සිටි නියා­ම­ක­ව­රුන් 282 දෙන­කුට තුවාල සිදු කර තිබූ අතර, ඉන් කිහි­ප­දෙ­නකු තව­මත් රෝහ­ල්ග­තව ප්‍රති­කාර ගනි­මින් සිටින බව ද වාර්තා වේ. රැඳ­වි­යන් බන්ධ­නා­ගා­ර­ව­ලින් පලායද්දී ගිනි අවි 94ක් රැගෙන ගොස් තිබූ අතර, ඉන් 65ක් පසුව හමු­දාව විසින් සොයා ගනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

පසු­ගි­යදා බන්ධ­නා­ගාර මූල­ස්ථා­නයේ පැවැති මාධ්‍ය හමු­වේදී බන්ධ­නා­ගාර කොම­සා­රිස් බ්‍රිගේ­ඩි­යර් ජෙන­රාල් සයිඩ් හොසේන් වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇත්තේ අතු­රු­දන්වී සිටින රැඳ­වි­යන් අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා මහ­ජන සහාය අපේක්ෂා කරන බවය.

DN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website