සදුදා, 30 සැප්තැම්බර් 2024 11:42

බලුකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 12කට තුවාල Featured

පොලිස් ජීප් රථයක් ඉලක්ක කරමින් පසුගියදා පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ක්වේටා නුවරදී පුපුරා ගිය බෝම්බයකින් පුද්ගලයන් 12 දෙනකු තුවාල ලබා ඇතැයි එරට ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළේය.

පොලිස් ජීප් රථය ගමන් කළ ක්වේටා අධිවේගී මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක එම බෝම්බය අටවා තිබූ බව පොලිසිය ප්‍රකාශ කළ බව ට්‍රිබියුන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, බලුකිස්තාන ප්‍රාන්තයේ සාමයට හා ආරක්ෂාවට එල්ල කළ දරුණු ප්‍රහාරයක් බවත් එම ප්‍රාන්තයේ මහ ඇමැති සර්ෆරාස් භග්ති ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. බෝම්බ ප්‍රහාරය සම්බන්ධව ප්‍රාන්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, ආරක්ෂක හමුදාව හා ඒකාබද්ධව ප්‍රාන්තය පුරා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි ද ට්‍රිබියුන් පුවත් සේවය සඳහන් කළේය.

 DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website