×

පණිවුඩය

The previous listing was the first listing in the category. There are no listings before the previous listing. Click the back button in your browser to return to it, or browse another listing below.

සදුදා, 30 සැප්තැම්බර් 2024 11:55

නේපාලයේ ගං වතුර ට බිලි වූ ජීවිත ගණන තව තවත් ඉහළට Featured

නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් සිදුවූ මරණ ගණන 150 ඉක්මවා ගොස් තිබේ.

ගංගාවල ජල මට්ටම පහත වැටී ඇති අතර, ඇතැම් කලාපවල ජලගැලීම් පහව ගොස් ඇති බව වාර්තා වේ.

අධික වැසි හමුවේ සිදුවූ නායයාම්වලින් සහ ජලගැලීම්වලින් අතුරුදන්වූවන් ගණන 60කට අධික බව විදෙස් මාධ්‍ය පවසයි.

අයහපත් කාලගුණය නොතකා නායයාම්වලින් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින බව සඳහන් වේ.

කත්මණ්ඩු අගනගරය ආසන්නයෙන් ගලාබසින බාග්මතී ගංගාව ඇතුළු ගංගා රැසක් අධික වර්ෂාපතනය හමුවේ පිටාර ගොස් තිබේ.

හිමාලයානු කලාපයට පතිත වූ අඟල් 12.7ක් ඉක්මවූ වැසි හේතුවෙන් එම ගංගාවේ ජල මට්ටම අඩි 7කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් මේ වනවිට ජල මට්ටම ක්‍රමයෙන් පහත වැටෙමින් පවතින අතර හිමාල කඳුවැටිය ආශ්‍රිත රටවලට මේ දිනවල අධික වැසි තත්ත්වයක් බලපා ඇති බැවින් කලාපීය ගංගා රැසක් පිටාර මට්ටමට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව උතුරු ඉන්දියාවටත් ජලගැලීම් ආපදා බලපා ඇති බව වාර්තා වේ.

 

ADN

Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2024 11:57

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website