බදාදා, 02 ඔක්තෝබර් 2024 10:05

ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ ගොඩබිම් ආක්‍රමණය ඇරඹේ Featured

දේශසීමා ආසන්නයේ පිහිටි ගම්මානවලින් ඉවත්වන්නැයි ලෙබනන් ජනතාවට නියෝග

දකුණු ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් සති දෙකකට වැඩි කාලයක් ගුවන් මගින් ප්‍රහාර එල්ල කළ ඊශ්‍රායල හමුදාව ඊයේ දකුණු ලෙබනනයේ ගොඩබිම් ආක්‍රමණය ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායල රජයේ අනුමැතිය ලැබීමෙන් මොහොතකට පසු එම ආක්‍රමණය සිදු කළ බවත්, ඒ අතරතුර ගුවන් ප්‍රහාර ද අඛණ්ඩව සිදු කරන බවත් ඊශ්‍රායල හමුදාව නිවේදනය කර තිබේ.

ඊශ්‍රායල කාලතුවක්කු හමුදාවේ ගොඩබිම ආක්‍රමණය දෙරට අතර දේශසීමාව ආසන්නයේ පිහිටි ලෙබනන් ගම්මානවල රැඳී සිටින හෙස්බුල්ලා සාමාජිකයන් ඉලක්ක කරගත් සීමිත උපාය මාර්ගික සැලසුමක් වන අතර, එය ලෙබනනයේ සිවිල් ජනතාව නොවන බව ද ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායල ගොඩබිම් ආක්‍රමණයට මොහොතකට පෙර ලෙබනන් ගම්මානවල පිහිටි ගොඩනැඟිලි තුනකින් ඉවත් වන ලෙස සිවිල් වැසියන්ට නියෝග කර ඇතැයි ද වාර්තා වේ.

මේ අතර දේශසීමා ඔස්සේ දකුණු ලෙබනනයට ඇතුළුවන ඊශ්‍රායල හමුදාව ඉලක්ක කරමින් සහ උතුරු ඊශ්‍රායලය ඉලක්ක කරමින් කාලතුවක්කු ප්‍රහාරයක් ආරම්භ කළ බව හෙස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කර තිබේ.

 DN

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website