බදාදා, 02 ඔක්තෝබර් 2024 10:07

හෙලන් සුළි කුණාටුවෙන් මිය ගිය ගණන 600ට වැඩියි Featured

-අමෙරිකානු බලධාරීහු අනුමාන කරති

පැයට කිලෝමීටර් 225ක වේගයෙන් පසුගියදා අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වැදුණු හෙලන් සුළි කුණාටුවට ජීවිත හයසියයකට වඩා බිලි වන්නට ඇතැයි අමෙරිකානු බලධාරීන් අනුමාන කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජාත්‍යන්තර කාලගුණ විද්‍යාඥයන් විසින් සිව්වැනි මට්ටමේ සුළි කුණාටුවක් ලෙස වර්ගීකරණය කළ හෙලන් සුළි කුණාටුවේ බලපෑමෙන් හටගත් අධික වර්ෂාවත්, අඩි 20කට වඩා ඉහළින් මුහුදු රැල්ල ගොඩබිමට කඩා වැදීමත් හේතුවෙන් නිවාස හා මහාමාර්ග රැසක් ද විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ෆ්ලොරිඩා ප්‍රාන්තයට පමණක් නොව ජෝර්ජියා, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා සහ ටෙනෙසි ප්‍රාන්තවලට ද හෙලන් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, සිදුවූ විනාශය පිළිබඳ දත්ත වාර්තා එක්රැස් කිරීම මේ වනවිට සිදු කරමින් පවතින බව වාර්තා වේ. ඊයේ වනවිටද අතුරුදන්වූ පුද්ගලයන් මෙහෙයුම් සිදු කරමින් පැවති බව වැඩිදුරටත් වාර්තා වේ.-

DMN

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website