බ්‍රහස්පතින්දා, 03 ඔක්තෝබර් 2024 15:38

ඊළඟ ප්‍රහාරය මීටත් වඩා දරුණුයි Featured

-ඉරානය කියයි

ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ඉරානයේ සහ හෙස්බුල්ලා, හමාස් සංවිධානවල ජ්‍යෙෂ්ඨ නායකයන් ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය කිරීම හේතුවෙන් බවට ඉරාන රජය නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මැදපෙරදිග දරුණු යුද්ධයක පෙරනිමිති පහළ කරමින් ඉරානයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරය පැයකට ආසන්න කාලයක් පැවති බව ද වාර්තා වේ.

ඉදිරියේදී ඊශ්‍රායලය තවදුරටත් ලෙබනනයට සහ ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන්නේ නම් මීළඟ පියවර වඩාත් දරුණු වන බවට ද ඉරාන රජය ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර පිහිටි හමුදා කඳවුරු තුනක් ඉලක්ක කරමින් ප්‍රහාරය එල්ල කළ බවත්, එය සාර්ථක වූ බවත් ඉරානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

DMN

 

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website