බ්‍රහස්පතින්දා, 03 ඔක්තෝබර් 2024 15:40

දිගටම ඊශ්‍රායලයට සහාය දෙනවා – අමෙරිකාව කියයි Featured

ඉදිරියේදී ඊශ්‍රායලයට එල්ල වන ඕනෑම ඉරාන ප්‍රහාරයකදී අමෙරිකාවේ සහාය අඛණ්ඩව ලබාදෙන බව ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇති අතර, ඉරානයට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි අනතුරු ඇඟවීමක් ද කර තිබේ.

ඊශ්‍රායලය ඉලක්ක කරමින් ඉරානයෙන් එල්ලවූ මිසයිල ප්‍රහාරය වැළැක්වීමට අමෙරිකාවෙන් ද සහාය ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරාන බැලැස්ටික් මිසයිල රැසක් මැදපෙරදිග ස්ථානගත කර ඇති අමෙරිකානු මිසයිල නාශක පද්ධතියෙන් විනාශ කිරීමට ජනාධිපති ජෝ බයිඩ්න් නියෝග නිකුත් කළ බව පෙන්ටගනය තහවුරු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

 DMN

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website