සිකුරාදා, 04 ඔක්තෝබර් 2024 10:21

ඩොලර් ලක්ෂ ගණනක අල්ලස් චෝදනාවකට සිංගප්පූරුවේ හිටපු කැබිනට් ඇමැතිට වසරක සිරදඬුවම් Featured

සිය ධුරකාලයේදී සිංගප්පූරු ඩොලර් ලක්ෂ 4ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 9කට අධික මුදලක්) අල්ලස් ගත් එරට හිටපු ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමැතිවරයකුට වසරක සිරදඬුවම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ සිරදඬුවම් නියම වී ඇත්තේ ඉන්දීය සම්භවයක් සහිත සුබ්‍රමනියම් ඊස්වරන් නමැති 62 හැවිරිදි හිටපු ප්‍රවාහන ඇමැතිවරයකුට බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. වසර 50කට ආසන්න කාලයකට පසු අධිකරණයකින් සිරදඬුවම් නියම වූ සිංගප්පූරුවේ පළමු දේශපාලනඥයා ද ඔහු වන බව වාර්තා වේ. සිංගප්පූරුවේ සංචාරක කර්මාන්තය අධීක්ෂණය බාරව සිටියදී එරට පැවති ෆෝමියුලා ගෝන් ප්‍රී ජාත්‍යන්තර මෝටර් රථ තරගාවලිය අතරතුර සංවිධායකයන්ගෙන් සිංගප්පූරු ඩොලර් 1,60,000ක් වටිනා ත්‍යාග පැකේජයක් අල්ලස් වශයෙන් ලබා ගැනීම ඇතුළු චෝදනා 27ක් ඔහුට එල්ල වී තිබූ අතර, ඔහු වරදකරු බවට සිංගප්පූරුවේ මහාධිකරණය තීන්දු කළ බව වාර්තා වේ. සිරදඬුවම් නියමවූ හිටපු ඇමැතිවරයා ලබන 7 වැනිදා චැංගි නුවර බන්ධනාගාරයට වාර්තා කළ යුතු ඇත.

DN

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website