සිකුරාදා, 04 ඔක්තෝබර් 2024 10:23

ත්‍රස්තවාදයට සහාය දක්වන බවට පාකිස්තාන රජයට චෝදනා Featured

ත්‍රස්තවාදයට සහ හමුදා ක්‍රියාකාරකම්වලට එරෙහිව පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ ජනතාව විරෝධතා රැලියක් පැවැත්වූ බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය.

එම කලාපයේ රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්ත කණ්ඩායම් විසින් සිදු කරනු ලබන ප්‍රහාරවලට සහ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව එම විරෝධතා රැලිය පවත්වා ඇතැයි ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. එම විරෝධතා රැලිය පසුගියදා කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ ස්වාට් දිස්ත්‍රික්කයේ සිදු කර ඇතැයි ද, ඊට දහස් ගණනක ජනතාව සහභාගි වී ඇතැයි ද වාර්තා වේ. එම විරෝධතා රැලියට විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන්, එම දිස්ත්‍රික්කයේ නීතිඥ සංගමය, ප්‍රවාහන හා වෙළෙඳ සංගම්, පෞද්ගලික පාසල් සංගමය හා ගුරු සංගමය ඇතුළු ප්‍රාදේශීය නියෝජිතයන් රැසක් සහභාගි වූ බව ද වාර්තා වේ.

DN

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website