සෙනසුරාදා, 05 ඔක්තෝබර් 2024 10:27

බෝම්බ ප්‍රහාර මැද ඉරාන විදේශ ඇමැති බීරුට් යයි Featured

බීරුට් අග­නු­වර ගුව­න්තො­ටු­පොළ ආස­න්න­යට ඊශ්‍රා­යල හමු­දා­වෙන් බෝම්බ හෙළී­මෙන් පසු ඉරාන විදේශ ඇමැති අබ්බාස් අර­ගචි බීරුට් නුව­රට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු රැගත් ගුවන් යානය බීරුට් ගුව­න්තො­ටු­පො­ළට ගොඩබස්වා ඇත්තේ බෝම්බ ප්‍රහා­ර­යෙන් මිනිත්තු කිහි­ප­ය­කට පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

හෙස්බුල්ලා නායක හසන් නස්රුල්ලා ඝාත­නය කිරී­මෙන් පසු කලින් දැනු­ම්දී­ම­කට අනුව ලෙබ­න­න­යට පැමිණි ඉරා­නයේ පළමු ජ්‍යෙෂ්ඨ දේශ­පා­ල­න­ඥයා ඔහු බව ද වාර්තා වේ. හෙස්බුල්ලා සංවි­ධා­නයේ සහාය ලැබෙන්නේ නම් වහාම සටන් විරා­ම­යක් සඳහා ජාත්‍ය­න්ත­ර­යට බල­පෑම් කරන බව එහිදී ඉරාන විදේශ ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කර ඇති අතර, ගාසා තීරයේ සටන් විරා­ම­යක් සම්බ­න්ධ­යෙන් ද අව­ධා­නය යොමුවී ඇතැයි සඳ­හන් කර තිබේ.

ඔහු ලෙබ­න­නයේ අග­මැති නජිබ් මිකාටි මුණ ගැසී සාක­ච්ඡා­වක් ද පවත්වා ඇති අතර, ලෙබ­න­න­යට සහාය වීම සඳහා රාජ්‍ය­තා­න්ත්‍රික මට්ට­මෙන් ප්‍රචා­රක වැඩ­ස­ට­හ­නක් ආරම්භ කරන බවට ද ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලෙබ­න­නයේ ජන­තා­වට බෙදා දීම සඳහා ටොන් 10ක ආහාර, ඖෂධ ඇතුළු මානු­ෂීය ආධාර තොග­යක් ද ඉරා­න­යෙන් නැව්ගත කර ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

DN

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website