සෙනසුරාදා, 12 ඔක්තෝබර් 2024 11:26

බලු­කි­ස්තාන ප්‍රාන්තයේ ත්‍රස්ත ප්‍රහා­ර­ය­කින් පාකි­ස්තාන හමුදා සෙබ­ළුන් 8ක් මරුට Featured

පාකි­ස්තා­නයේ බලු­කි­ස්තාන ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහා­ර­ය­කින් හමුදා සෙබ­ළුන් අට­දෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහා­රය එල්ල වී ඇත්තේ එම ප්‍රාන්තයේ ධාව­නය වෙමින් තිබූ පාකි­ස්තාන හමුදා සෙබ­ළුන් රැගත් රථ පෙළ­කටය. එහිදී තවත් සෙබ­ළුන් තිදෙ­නකු බර­ප­තළ තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ප්‍රහා­රයේ වග­කීම බලු­කි­ස්තාන විමුක්ති හමු­දාව භාර­ගෙන ඇති අතර, නිවේ­ද­න­යක් නිකුත් කර­මින් එම සංවි­ධා­නය ප්‍රකාශ කර ඇත්තේ බර අවි සහ ස්වයං­ක්‍රීය අවි භාවිත කර­මින් ප්‍රහා­රය සිදු කළ බවය. සැඟවී සිට එල්ල කර ඇති එම ප්‍රහා­ර­යෙන් හමුදා රථ­යක් මුළු­ම­නින්ම විනාශ වී ඇතැයි ද, තවත් වාහන හත­ර­කට හානි සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

පාකි­ස්තාන හමු­දාවේ සන්නද්ධ වාහ­න­යක් ඇතුළු රථ පෙළ­කට දුරස්ථ පාල­ක­ය­කින් ක්‍රියා­ත්මක වන ආකා­රයේ පුපු­රණ ද්‍රව්‍ය යොදා ගෙන ඇති අතර, පාකි­ස්තාන හමු­දාවේ ඉදිරි ගමන වැළැ­ක්වී­මට එම ප්‍රහා­රය එල්ල කළ බව බලු­කි­ස්තාන විමුක්ති හමු­දාව සිය නිවේ­ද­නයේ වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇතැයි වාර්තා වේ. ප්‍රහා­ර­යෙන් පසු පාකි­ස්තාන ගුවන් හමු­දා­වට අයත් හෙලි­කො­ප්ටර් යානා කිහි­ප­යක් එම පළාතේ මුර සංචා­ර­යක නිර­ත­වෙ­මින් විශේෂ මෙහෙ­යු­මක් සිදු කර ඇති අතර, ඒ වන­වි­ටත් බලු­කි­ස්තාන විමුක්ති හමු­දාවේ සාමා­ජි­ක­යන් එම පළාත හැර ගොස් සිටි බව ද වාර්තා වේ.

 

DN

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website