සෙනසුරාදා, 12 ඔක්තෝබර් 2024 11:24

ටික්ටොක් සමාජ මාධ්‍ය­යට අමෙ­රි­කා­වෙන් නඩු Featured

තරු­ණ­යන්ට දැඩි හානි­යක් සිදු­වී­මට එරෙ­හිව සහ තරුණ පර­පුර ආරක්ෂා කිරීම සඳහා අස­මත් බව කිය­මින් අමෙ­රි­කාවේ ප්‍රාන්ත 13ක් සහ කොලො­ම්බියා දිස්ත්‍රි­ක්කය මගින් ටික්ටොක් සමාජ මාධ්‍ය­ජා­ල­යට නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිව්යෝක්, කැලි­ෆෝ­නියා, ඇතුළු ප්‍රාන්ත සහ කොලො­ම්බියා දිස්ත්‍රි­ක්කය වෙන් වෙන් වශ­යෙන් එම නඩු ගොනු කර ඇති අතර, එම නඩු පවරා ඇත්තේ චීන­යට අයත් ටික්ටොක් සමාජ මාධ්‍ය හිමි සමා­ග­මට එරෙ­හිව නව දඩ මුදල් පැනැ­වීමේ අර­මු­ණින් බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ටික්ටොක් සමාජ මාධ්‍ය­ජා­ලය චේත­නා­න්වි­තව තරුණ පර­පුර එම මෘදු­කාං­ග­යට ඇබ්බැහි කර ඇතැයි ද, එම­ගින් අමෙ­රි­කාවේ තරුණ පර­පුර අතර මාන­සික ආබාධ සහ ආත­තිය ඉහළ ගොස් ඇතැයි ද එම චෝදනා පත්‍රයේ සඳ­හන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිය සමා­ගමේ ලාභ ඉහළ නැංවීම සඳහා තරුණ පර­පුර ටික්ටොක් සමාජ මාධ්‍ය­ජා­ල­යට ඇබ්බැහි කර ඇති බව කැලි­ෆෝ­නි­යාවේ නීති­පති රොබ් බොන්ටා නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ප්‍රකාශ කර තිබේ. ටික්ටොක් සමාජ මාධ්‍ය­ජා­ල­යට ඇබ්බැහි වීමෙන් අමෙ­රි­කාවේ තරුණ පර­පුරේ මාන­සික සෞඛ්‍ය තත්ත්වය පිරි­හී­මට ලක්වී ඇති බවත්, එහි අඩංගු බොහෝ කරුණු සාවද්‍ය හා නොමඟ යව­න­සුලු බවට ද චෝදනා කර ඇතැයි වාර්තා වේ.

DN

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website