සිකුරාදා, 11 ඔක්තෝබර් 2024 10:29

පාකිස්තානයේ කාන්තාවන් අටකගෙන් අයකුට පියයුරු පිළිකා Featured

විකිරණ චිකිත්සක ආයතනය කියයි

පාකිස්තානයේ න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව, පිළිකා රෝග අධ්‍යයන හා විකිරණ චිකිත්සක ආයතනයේ සංඛ්‍යාලේඛනවලට අනුව එරට කාන්තාවන් අටදෙනකුගෙන් එක් අයකුට පියයුරු පිළිකාවෙන් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තාන පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රී කණ්ඩායමක් පසුගියදා පියයුරු පිළිකාව සම්බන්ධව කාන්තාවන් දැනුවත් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා ඉස්ලාමාබාද් නුවර පිහිටි එම ආයතනයට අයත් රෝහලට ගිය අවස්ථාවේදී එම සංඛ්‍යාලේඛන තොරතුරු හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පාකිස්තාන පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රී කණ්ඩායමේ මූලිකත්වයෙන් ‘පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය’ ලෙස ආරම්භ කර ඇති එම වැඩසටහන එරට කාන්තාවන් අතර වර්ධනය වන පියයුරු පිළිකාවට විසඳුම් සෙවීමේ අරමුණින් යුතුවය. පාකිස්තානයේ වෛද්‍ය විද්‍යාව, පිළිකා රෝග අධ්‍යයන හා විකිරණ චිකිත්සක ආයතනය පියයුරු පිළිකාව මැඬලීම සඳහා දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බවත්, රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සාව සහ ශල්‍යකර්ම ඇතුළු පිළිකා ප්‍රතිකාර සේවා එම ආයතනයේ රෝහලෙන් ලැබෙන බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

DN

 

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website