සදුදා, 14 ඔක්තෝබර් 2024 12:29

මියගියැයි කී ඉරාන ආරක්ෂක ප්‍රධානියා ඊශ්‍රායල් ඔත්තුකරුවෙක්! Featured

ඉරාන අත්අඩංගුවේ බව හෙළිවෙයි

ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ ප්‍රධානී ඉස්මයිල් ඛානී ඊශ්‍රායල් ඔත්තුකරුවකු බව හෙළිව තිබේ.

පසුගිය සතියේ මොහු ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ප්‍රකාශ වුවද පසුව හෙළිව ඇත්තේ මොහු ඉරාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මොහු ඉරාන ආධ්‍යාත්මික නායකයාට පසුව සිටින බලවත්ම පුද්ගලයා වේ. ඉස්මයිල් ඛානී මේ තනතුරට පත්වූයේ හිටපු හමුදා ප්‍රධානි කසුන් සුලෙමානී ඇමරිකානු ප්‍රහාරයකින් මරුමුවට පත්වීමෙන් පසුවය.

හිස්බුල්ලා නායක හසන් හසරල්ලාගේ ඝාතනයෙන් පසුව ඉරාන රජය තුළ සිය ආරක්ෂක ප්‍රධානීන් අතරම ඊශ්‍රායල් ඔත්තුකරුවන් සිටින බවට බලවත් සැකයක් මතු විය.

චතුර පමුණුව

 

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website