බදාදා, 16 ඔක්තෝබර් 2024 11:20

කෘත්‍රිම බුද්ධියට හුවමාරු වීමට ටික්ටොක් සමාගමේ සේවක කප්පාදුවක් Featured

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට යොමුවීමේ අරමුණ ඇතිව ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලය සැලකිය යුතු ආකාරයෙන් අවම කිරීමට එම සමාජ මාධ්‍ය ජාලයේ හිමිකරු බයිට්ඩාන්ස් සමාගම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට මැලේසියාවේ ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ කාර්යමණ්ඩලයේ 500කට සේවය අහිමි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. සේවයෙන් පහ කිරීම සම්බන්ධව එහි සේවකයන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කර ඇතැයි ද, සමාගමේ නීති රෙගුලාසිවලට අනුව මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම එහි කාර්යමණ්ඩලයට තහනම් කර ඇති බැවින් ඔවුන් නිර්නාමිකව එම තොරතුරු මුදාහැර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

කෘත්‍රිම බුද්ධියට හුවමාරු වීමේ පුළුල් සැලැස්මකට අනුව එම සේවක කප්පාදුව සිදු කරන බවත්, ගෝලීය වශයෙන් තවත් සේවකයන් විශාල පිරිසක් රැකියාවෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවත් වාර්තා වේ. ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවියට අනුව ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය ලොව පුරා නගර 200කට වඩා ව්‍යාප්ත වී ඇති අතර, එහි සේවක සංඛ්‍යාව ලක්ෂයකට අධික බව ද වාර්තා වේ.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website