සිකුරාදා, 25 ඔක්තෝබර් 2024 11:12

සති දෙකකදී ලෙබනනයේ හානිය වසරක යුද්ධයට වඩා වැඩියි Featured

චන්ද්‍රිකා ඡායාරූප දත්ත පෙන්වා දෙයි

හෙස්බුල්ලා සංවිධානය සමඟ වසරකට ආසන්න කාලයක් දේශසීමා ආසන්නයේ යුද්ධයෙන් සිදුවූ විනාශයට වඩා විශාල හානියක් පසුගිය දෙසතියේදී ඊශ්‍රායල හමුදාවෙන් ලෙබනනයට එල්ල වූ දරුණු බෝම්බ ප්‍රහාරමාලාවෙන් සිදුවී ඇතැයි චන්ද්‍රිකා තාක්ෂණික රේඩාර් දත්තවලින් පැහැදිලි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය 2 වැනිදා සිට 14 වැනිදා දක්වා කාලය ඇතුළත ලෙබනනයේ ගොඩනැඟිලි 3,600කට වඩා විනාශ වි ඇතැයි ද, එය වසරක කාලයක් හෙස්බුල්ලා සංවිධානය හා ඊශ්‍රායල හමුදාව අතර දේශසීමා ආසන්නයේ පැවති යුදගැටුම් සිදුවූ ඇස්තමේන්තුගත හානියෙන් 54%ක ප්‍රමාණයක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අමෙරිකාවේ නිව්යෝක් සිටි විශ්වවිද්‍යාලයේ සහ ඔරිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තා පදනම් කරමින් චන්ද්‍රිකා තාක්ෂණයෙන් ගනු ලැබූ ඡායාරූපවලට අනුව ලෙබනනයේ සිදුවී ඇති විනාශය පැහැදිලිව දැකගත හැකි බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

 DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website