×

පණිවුඩය

The previous listing was the last listing in the category. There are no listings after the previous listing. Click the back button in your browser to return to it, or browse another listing below.

සෙනසුරාදා, 26 ඔක්තෝබර් 2024 10:23

මාස 9ක් බන්ධ­නා­ගා­ර­යේ සිටි ඉම්රාන්ගේ බිරිය ඇප මත නිද­හස් Featured

පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ගේ බිරිය බුෂ්රා බීබී මාස 9කට පසු ඇප මත බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස් කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ඉම්රාන් ඛාන් අග­මැ­ති ­ධු­රයේ සිටි­යදී රාජ්‍ය­තා­න්ත්‍රි­ක­ය­න්ගෙන් ලැබුණු වටිනා ත්‍යාග භාණ්ඩා­ගා­ර­යට ලබා නොදී සිය හිත­ව­තුන් අතර බෙදා දුන් බව­ටත්, තවත් ත්‍යාග ප්‍රමා­ණ­යක් අධික මිල­කට අලෙවි කර මුදල් උපයා ගත් බව­ටත් චෝදනා ලැබූ බුෂ්රා බීබී වසර 14ක සිර­ද­ඬු­වම් නියම වූ අතර, ඇය පසු­ගිය ජන­වා­රි­යේදී බන්ධ­නා­ගා­ර­ගත කර තිබිණි. රාව­ල්පිණ්ඩි නුවර අඩි­යලා බන්ධ­නා­ගා­රයේ රඳවා තබා සිටි ඉම්රාන්ගේ බිරිය ඇප මත නිද­හස් කර ඇත්තේ ඉස්ලා­මා­බාද් මහා­ධි­ක­ර­ණය නියෝ­ග­යෙන් බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය.

බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස ලැබූ බුෂ්රා බීබී මෝටර් රථ පෙළක ආර­ක්ෂාව මැද සිය නිවෙස වෙත පැමි­ණෙද්දී මාර්ගයේ දෙපස රැඳී සිටි විශාල පිරි­සක් ඇයට සුබ පැතූ බවත්, ඇය පිළි­ගැ­නී­මට ඇගේ නිවෙස අසල ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නාය­ක­යන් සහ හිත­වා­දීන් විශාල පිරි­සක් රැස්ව සිටි බවත් ඩෝන් පුවත් සේවය සඳ­හන් කළේය.

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website