ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ විවිධ මාධ්‍ය ආයතන 7ක අයත් මාධ්‍යවේදීන් 12කට වැඩි පිරිසක් නවාතැන් ගෙන සිටි ගොඩනැඟිල්ලකට බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊශ්‍රායල ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූයේ එරට රූපවාහිනි ආයතන දෙකකට අයත් මාධ්‍යවේදීන් වන අතර, එය වුවමනාවෙන් සිදු කළ යුද අපරාධයක් බවට ලෙබනනයේ තොරතුරු හා තාක්ෂණ ඇමැති ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. මාධ්‍යවේදීන්ගේ මරණ සම්බන්ධව ඊශ්‍රායල හමුදාව කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති අතර, මාධ්‍යවේදීන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල නොකරන බවට මීට පෙර සහතික කර තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් තවත් මාධ්‍යවේදීන් තිදෙනකු තුවාල ලැබූ බව ද වාර්තා වේ.