සදුදා, 06 මාර්තු 2023 21:23

ප්‍රවීණ ඉන්දීය නළු අමිතාබ් බච්චන් හදිසි අනතුරකට Featured

ප්‍රවීණ ඉන්දීය නළු අමිතාබ් බච්චන් හදිසි අනතුරකට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔහු මෙම අනතුරට මුහුණ පා ඇත්තේ, රූගත කිරීමක් අතරතුරදීය.

ඔහු පවසා ඇත්තේ,මෙම අනතුරෙහි ප්‍රතිඵලයක් ලෙස තමාට වේදනාකාරී මෙන්ම හුස්ම ගැන්මේ අපහසුතාවයක් ද ඇති වූ බවයි.

ඔහු මෙම අනතුරට මුහුණපෑවේ හයිද්‍රාබාද් නගරයේ දී වන අතර මේ වනවිට 80 හැවිරිදි වියේ පසුවන ඔහු ඉදිරියේ දී තිරගත කිරීමට නියමිතව ඇති PROJECT - K නමැති සිනමාපටයේ රූගත කිරීම් අතරතුර දී මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ පා තිබේ.

එහිදී අවාසනාවන්ත ලෙස ඔහුගේ මාංශපේෂී හා කාටිලේඡයක් ඉරී යාමකට ලක් වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ය.

මෙම ප්‍රවීණ රංගන ශිල්පියා මුම්බායි නගරයේ සිය නිවසේ මේ වන විට රැඳි සිටින අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වීමට තවත් සති කිහිපයක් ගෙවී යනු ඇත.

ඔහු සිය රසිකයින් වෙනුවෙන් සටහනක් තබමින් දක්වා ඇත්තේ, තමා මුණ ගැසීමට ජල්සා ගේට්ටුව ඉදිරිපිටට නොපැමිණෙන ලෙසයි.''එය අපහසු දෙයක් වේවී..එහෙත් මට ඉඩ දෙන්න''..යනුවෙන් අමිතාබ් බච්චන් හමුවීමේ අරමුණින් ඔහුගේ රසික රසිකාවියන් සෑම සතියකම ජල්සා ගේට්ටුව ඉදිරිපිටට පැමිණෙති.

දශක පහකට වැඩි කාලයක් පුරා දිවෙන සිය වෘත්තීය ජීවිතය තුළ චිත්‍රපට 200ක පමණ සිය රංගන ප්‍රතිභාව පෙන්නුම් කළ ප්‍රවීණ ඉන්දීය නළු අමිතාබ් බච්චන් ලොව පුරා සිනමා රසිකයින් තුළ ජීවමාන චරිතයකි.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website