ඒ අනුව මිසයිල, හෙළිකොප්ටර් යානා, කාලතුවක්කු සහ ඉලෙක්ට්‍රොනික් යුද පද්ධති මිලදී ගැනීම සඳහා ඊයේ (16) අනුමැතිය ලබාදීමට එරට බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.
එම යුද උපකරණ ඇණවුම් ඩොලර් බිලියන 8.5ක් පමණ වෙතැයි අනුමාන කෙරේ.
සියලුම නව මිලදී ගැනීම ඉන්දීය සමාගම්වලින් කිරීමට නියමිතය.
පාකිස්තානය සහ චීනය සිය යුද ශක්තිය වර්ධනය කිරීමට විවිධ පියවරයන් ගනිමින් සිටින බැවින් ඉන්දියාව ද මෙම තීරණය ගෙන ඇති බව සඳහන් ය.