සෙනසුරාදා, 18 මාර්තු 2023 17:10

ස්විස් බැංකුවල ඇති චීන දේශපාලන ප්‍රභූන්ගේ ධනස්කන්ධයට මොකද වෙන්නේ Featured

ස්විස් බැංකුවල තැන්පත් කර ඇති චීන ධනවතුන්ගේ ධනය පිළිබඳ ස්විට්සර්ලන්ත රජය දැඩි අවධානයෙන් පසුවන බව ෆියිනෑන්ෂල් ටයිම්ස් වෙතින් අනාවරණයක්.

ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරමින් පවසා සිටින්නේ ස්විස් බැංකුවල ඇති චීන ධනය පිළිබඳ සුවිට්සර්ලන්ත රජය දැඩි අවධානයෙන් පසුවන බවයි.

ලැබී ඇති බුද්ධි තොරතුරු වලට අනුව ඊට හේතු වී ඇත්තේ රුසියාවට ඩ්‍රෝන යානා සහ යුද උපකරණ වැනි මාරාන්තික අවි සැපයීමට චීන රජය සලකා බලමින් සිටින බවයි.

ස්විස්ටලන්තයේ වෙසෙන ධනවත් චීන ජාතිකයින් ගේ මුදල් පිළිබඳ ආරක්ෂාවට මෙම සම්බාධක හේතුවෙන් ප්‍රශ්න මතු කරන බව (financial times) ෆයිනෑන්ෂල් ටයිම්ස් තව දුරටත් වාර්තා කරයි.

චීනයට එරෙහි සම්බාධක පැනවීමේ හැකියාව තවදුරටත් වර්ධනය කර තිබුණේ චීනයේ ඔත්තු බැලුන සිද්ධි, චීනය මොස්කව් ‌වෙත මාරාන්තික අවි සැපයීම සම්බන්ධයෙන් මතුව ඇති සැකය සහ මෑත කාලීනව චීනය සම්බන්ධයෙන් මතුව තිබෙන තත්ත්වයන් ගේ වර්ධනයයි

යුක්රේනයේ ගැටුම් උත්සන්න කිරීමට එරෙහිව ඇමරිකානු රාජ්‍ය ලේකම් අන්තෝනි බ්ලින්කන් ද චීනයට අනතුරු ඇඟවීම් සිදු කර තිබුණා.

Anthoni Blinkanඇමරිකානු රාජ්‍ය ලේකම් අන්තෝනි බ්ලින්කන්

ඔහුගේ එම ප්‍රකාශය මගින් පැහැදිලි වන්නේ චීනය රුසියාවට මාරාන්තික ආයුධ සැපයිය හැකි බවට වන බුද්ධි තොරතුරු ඇමරිකාව සතු බවයි.

මෙම බුද්ධි තොරතුරු තම මිත්‍ර රාජ්‍යයන් සමඟ බෙදා ගැනීමට ද ඇමරිකාව සැලසුම් කර තිබෙනවා.

 කෙසේ වෙතත් ස්විට්සර්ලන්ත රජය රට තුළ ඇති චීන වත්කම් ප්‍රමාණය කොතෙක්ද යන්න හෙළිකර නැහැ.

ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍ය වේදීන්ගේ සංගමය වෙත 2014 දී ලැබුණු ලේඛන මගින් හෙළි වී තිබුණේ ස්විස් බැංකුවල බොහෝ චීන දේශපාලන ප්‍රභූන් ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ගිණුම් පිහිටුවා ඇති බවයි.

International Association of Investigative Journalists

ඉහළ මට්ටමේ චීන පවුල් ද ඇතුළුව, චිනයේ සහ හොංකොං හි පිහිටි ධනවතුන් 20, 000 කගේ පමණ අක්වෙරළ වත්කම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් නොකළ ලේඛන මගින් හෙළිදරව් වන බවයි පැවසෙන්නේ.

ස්විට්සර්ලන්තයේ බැංකු ගිණුම් ඇති ධනවත් පුද්ගලයින් සංඛ්‍යාව එක්සත් ජනපදය ඇතුළු අනෙකුත් ධනවත් රටවල් අභිබවා ගොස් ඇති බව ක්‍රෙඩිට් ස්වීස් බැංකුව විසින් මෑතකදී කරන ලද අධ්‍යනයකට අනුව හෙළිව තිබෙනවා.

චීනය සහ බටහිර අතර වැඩෙමින් පවතින ආතතිය හේතුවෙන් බීජිං හි ජාත්‍යන්තර සබඳතා වලට පහරක් එල්ල වුවහොත් සිදුවිය හැකි කඩාවැටීම සඳහා ද ස්විස් බැංකුව සූදානම් වෙමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

ශතවර්ෂ ගණනාවක් තිස්සේ ස්විට්සර්ලන්තය ලෝකයේ ධනවත්ම පුද්ගලයින් සඳහා ඉහළම ගමනාන්තයක් වී ඇති අතර බැංකුවල දැඩි රහස්‍යතාවය සහ දේශපාලන මධ්‍යස්ථභාවය සඳහා ද ස්විට්සර්ලන්තය කීර්තියක් උසුලනවා.

 

 

 

 

 

 

 

Last modified on සෙනසුරාදා, 18 මාර්තු 2023 17:36

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website