අඟහරුවාදා, 21 මාර්තු 2023 08:47

චීන සැලැස්මට පුටින්ගෙන් යහපත් ප්‍රතිචාර Featured

යුක්‍රේනයේ පවතින ගැටුම් සමථයකට පත්කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සැලැස්ම පිළිබඳ සාකච්ඡා කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබේ.

යුක්‍රේන අර්බුදය සමථයකට පත්කිරීම සඳහා චීන ජනාධිපතිවරයා විසින් කරුණු 12ක සැලැස්මක් ඉදිරිපත් කරනු ලැබීය.

අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෑමවිටම තමන් සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මොස්කව්හිදී චීන ජනාධිපති හමුවේ ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් චීන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති සැලැස්ම සාම ක්‍රියාවලිය ඇණහිටීමේ උපක්‍රමයක් විය හැකි බව අමෙරිකාව ප්‍රකාශ කර තිබේ.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website